හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක් පවතින බව බස් මගින් පවසති.
මස්කෙළිය, බගවන්තලාව, සාමිමලේ, සාංචිමලේ, ෆෝඩයිස් හරහා ඩයගම වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගීන් රැගෙන යාම සිදු කරන බවත් මෙම තත්වයන් මත තම සෞඛ්‍ය තත්වයන්ට දැඩි අවදානමක් පවතින බවද එම බස් මගින් පවසති.
ඉහත ප්‍රදේශවල සිට හැටන් දක්වා පැමිනෙන බස් රථවල මෙම තත්වයන් බහුල වශයෙන් සිදුවන බවත් මෙසේ වැඩි පුර රැගෙන එන බස් මගින් හැටන් බස් නැවතුම්පල ආසන්නයේදි බැස්සවිමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බවද එම බස් මගින් වැඩි දුරටත් පවසති.
බස් රථවල ආසන ගනනට පමනක් මගින් රැගෙන යාම සදහා බස් ගාස්තුද වැඩි කර නිතිද පනවා ඇති බවත් එවන් තත්වයන් මත මෙසේ සමහර බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාම් පිලිබදව අදාල බලධාරින්ගේ මෙන්ම අදාල නිලධාරින්ගේද දැඩි අවදානය යොමු විය යුතු බවද එම බස් මගින් තව දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්