අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සේවයේ නිරතවු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වීම නිසා සේවකයා කඩිනම් ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට යොමු කිරිමට අනුරාධපුර නාගරික සෞඛ්‍ය අංශය කටයුතු කර තිබේ.
කුරුණෑගල නගර ආසන්නයේ සිට පොදු ප්‍රවාහන සේවාවක් මගින් අනුරාධපුර පිහිටි මධ්‍ය විද්‍යාලයේ සේවයට පැමිණෙන අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයා ඊයේ (26දා) උදෑසන ඇගපත රුදාව හා උණ රෝගයෙන් පෙලීම නිසා ප්‍රතිකාර සදහා යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් කටයුතු කර තිබුණි.
විද්‍යාලයීය පරිපාලනය විසින් සේවකයා සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ට දැන්වීමත් සමග එම නිලධාරින් විද්‍යාලයට පැමිණ 1990 ගිලන් රථයක් ගෙන්වා ඔහුව ආරක්ෂාකාරිව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට යොමුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කුලතුංග මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.විද්‍යාලයෙන් කල දැන්වීමක් මත වහාම සෞඛ්‍ය අංශ එහි ගොස් ඔහුව පරික්ෂා කිරීම සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුල් කරා.ඔහුට කොවිඩ් කියන එක අපිට තහවුරු කරන්න බෑ.නමුත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා අපි කඩිනම් ක්‍රියා මාර්ග ගත්තා.ඇගපත රිදිම හා උණ ගතියක් ඔහුට තියෙනවා කියලා අනාවරණය වුනා.
ඒ සේවකයා පදිංචිව සිටින කුරුණෑගල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකතුමා දුරකථනයෙන් සම්බන්ධකර ගෙන විස්තර විමසුව.නමුත් ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේ කිසිම කෙනෙකුට කොවිඩ් වැලදි නැති බව හා ස්වයං නිරෝධායනයන් සිදුව නැති බව තහවුරු වුනා යනුවෙන් ඒ මහතා පැවසුවේය.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය