covid infections and deaths

පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමග එහි ‍රැදවියන් හා ආශ්‍රිතයන් එම බන්ධනාගාරය තුළ දීම නිරෝධායනයට යොමු කළ බවත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ආශ්‍රිතයන්ගේ පරික්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා එම කාර්යාලයේ කටයුතු අද(30)සිට සාමාන්‍ය පරිදි සිදුවන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.එහි දී වැඩි දුරටත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසීය.

පොලොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ අහඹු ලෙස පී.සී.ආර්.පරික්ෂණ සිදු කළා ‍රැදවූවන් 50 දෙනෙකුගේ ඉන් එක් අයෙකුගේ පරික්ෂණ වාර්තාව පොසිටිව් වුණා.ඒ නිසා එහි ‍රැහ්ඩවූවන් ඒ තුළම නිරෝධායනය කළා. හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයෙකුගේ පී.සී.ආර්.වාර්තා පොසිටිව් වීම නිසා එය තාවකාලිකව වසා දමා එහි නිලධාරින් ස්වයං නිරෝධායනයට යොමු කළා.

පසුව අධි අවදානම් තක්ෂේරුවකින් පසු අධි අවදානම් ආශ්‍රිතයන් 16 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කළා.කලාප අධ්‍යාපන කාර්යාලය සඳුදා(30) විවෘත කරන්න පුළුවන්. මේ දෙවන ‍රැල්ලෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මතුවූ ගල්ලෑල්ල නෙලුම්විල ආසාධිතයාත් හිගුරක්ගොඩ ආසාධිතයාත්,බන්ධනාගාරයේ ආසාධිතයාත් රටේ මතු වූ ආසාධිත පොකුරුවල ආශ්‍රිතයන්.

අරලගංවිල පොලිස් නිලධාරියා පමණයි අපට පොලොන්නරුව සමාජයෙන් හමු වූ ආසාධිතයා.අරලගංවිල පොලිසියේ ආශ්‍රිතයන්ගේ දෙවන පී.සී.ආර්.පරික්ෂණයත් සිදු කිරීමට නියමිතයි.යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික තොරතුරු වාර්තාවට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ දී ආසාධිතයන්  23ක් හඳුනාගෙන ඇති බව සඳහන් වන අතර පෙරේදා(28) දිනය වන විට පොලොන්නරුව මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අධීක්ෂණය කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන 4හි ආසාධිතයන් වැලිකන්ද රෝහලෙහි 78ක් ද කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි 312ක් ද ගල්ලෑල්ල(පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය) ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 292ක් ද පුනානි(ශරියා විශ්ව විද්‍යාලය) ප්‍රතිකාර මධ්‍යස්ථානය 685ක් ද වශයෙන් ආසාධිතයින් 1367ක් නේවාසිකව තව දුරටත් ප්‍රතිකාර ලබති.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts