බුරවි සුළි කුණාටුවෙන් බලපෑමක් ඇතිවේ යැයි සැකපල කරමින් කඩ පනහ වැවේ (වන්නියම්කුලම වැව) සොරොව්ව විවෘත කර දින හතරකට ආසන්න කාලයක් සොරෙව්ව වසාදැමීමට කටයුතු නොකිරිමෙන් වැවේ තිබූ ජල පරිමාවෙන් අඩි හයක් අඩුවි තිබෙනා බවත් අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් ඊට වගකිව යුතු බව කඩ පනහ වැව පරිහරණය කරන්නන් චෝදනා කළහ.
කඩ පනහා අවට ජනතාව විවිධ අවශ්‍යතා සදහා භාවිතා කළ වැව කිසිදු නියං අවස්ථාවක ජලය නොසිදෙන අතර කලමනාකරණය නොකරමින් සොරොව්ව විවෘත කිරිමෙන් අඩි හයක ජල පරිමාවක් අඩුවි වැවේ මත්සයින් දහස් ගණනක් සොරොව්ව හරහා දින හතර පුරා ගසාගෙන ගිය බව ජනතාව පැවසූහ.
බුරවි සුළිකුණාටුව පැවති දිනයේ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ උපදෙසින් සොරොව්ව විවෘත කළත් සුළිකුණාටුව අවසන්වි දින හතරක් යන තුරුම එහි සොරොව්ව වසා නොදැමූ බව ඔවුන් කීහ.
අඩි හයක ජලධාරිතාවක් අඩුවීම නිසා වැවේ තිබු ඕලු නෙළුම් මානෙල් ඇතුළු මල් වර් ග රැසක ගස් කෙඩෑරිවි ගොස් තිබෙනා අයුරු නිරික්ෂනයවූ අතර ධීවර සමිතිය මගින් බෝකල මසුන් දස දහස් ගණනක් දින හතර තිස්සේ සොරොව්වෙන් පිටතට ඇදුණු බව වැව අවට වැසියන් පෙන්වා දුන්හ.
අනුරාධපුර නගරයේ පිහිටි කඩ පනහා වැව විවිධ කටයුතු සදහා භාවිතා කරන අවට ජනතාව නගර සභාවේ ක්‍රියාවට දැඩි අප්‍රසාදය පලකරමින් මෙසේ පැවසුහ.නගරය මැද තියන කිසිම දවසක නොසිදෙන වැව තමයි අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා වාරි මාර්ග දෙපාර්තුමේන්තුව එක්ක එකතුවෙලා අඩි හයක් හින්දලා තියෙන්න.
බුරවි සුළි කුණාටුව දවසේ තමයි ඇවිල්ලා පෙර සූදානමක් විදියට සොරොව්ව විවෘත කරේ.පෙරේදා (05දා) දුමින්ද අමාත්‍යතුමා ළග ඉන්න මහත්තයෙක් මේ පැත්තෙන් යනකොට දැකලා තියනවා වැව හිදිලා තියනවා.විශාල වශයෙන් වැව සිදුනේ කොහොමද කියලා ඒ මහත්තයා බලද්දි තමයි දැකලා තියෙන්නේ සොරොව්ව ඇරලා වතුර පිටතට යනවා කියලා.සොරොව්ව වහන්න කියලා එතුමා නගර සභාවට දැන්වූවා. නගර සභාව කියනවා අපි නෙමෙයි ඇරියේ වාරි මාර්ගය සොරොව්ව ඇරියේ කියලා.
නමුත් නාගරික කොමසාරිස්ගේ උපදෙස්මත සොරොව්ව ඇරලා ඇරපු නිලධාරියා කිසිම අයෙකු දැනුම්වත් නොකර නිවාඩු ගිහිල්ලා.දින හතරක් වැවේ ජලය පිටතට ගියා.ධීවරයෝ මසුන් අල්ලනවා.මත්ස්‍ය පැටවු දස දහස් ගණනක් වැවේ ජීවත්වෙනවා.මල් වර් ග සියල්ලම වතුරට ඇදිලා ගිහිල්ලා කෙඩෑරිවෙලා.
හරියටම වැවේ අඩි හයක් ජලය අඩුවෙලා.අවට ඉන්න මිනිස්සු වැවේ ජලය නානවා.නගර සභාවට අයිතිනෑ කිවුවට ගිනි නිවන ඒකකයේ නිලධාරින් යතුරු අරගෙන ඇවිල්ලා තමයි සොරොව්ව වැහුවේ.ජනමාධ්‍යට මේක ආරංචිවෙලා එනවා කිවුවහම ඔවුන් හනිකට දිව්වා.
එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාව නියෝජනය කරන විපක්ෂනායකවරයා මේකේ බැම්මෙන් හියුම් පයිපයක් දාලා අපූරු වාරිතාක්ෂනයකින් වැව කෑවා.තාම දිනපතාම වතුර කාන්දු වෙනවා.
දැන් නගර සභාව වතුර ටික පිටකරලා දැම්මා.කිසිම වගකීමක් නැති දේශපාලඥයෝ හා නිලධාරින් තමයි මේ නගරයේ ඉන්නේ.වතුර ටිකක අගයක් දන්නේ නැති මිනිස්සු යනුවෙන් ඔවුන් චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.අපිට ඔය වැව අයිතිනෑ ඕක අයිති වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ.
මට උදේ දුමින්ද ඇමතිතුමා ළග ඉන්න අමිල මහත්තයා දුරකථනයෙන් කථාකරලා ඔය ගැන කිවුවා.නමුත් මට අමතක වුනා.මම හොයලා බලන්නම් යනුවෙන් ඒ මහතා පැවසුවේය.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය