dna

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති අතර පසුව ඥාතින් විසින් මෘත ශරිර 03 ක් හඳුනා ගන්නා ලදි.

සෙසු මෘත ශරිර හතර හඳුනාගෙන ඇත්තේ ඔවුන්ගේ ඇඟිලි සලකුණු වාර්තා මඟිනි. ඒ් අනුව මේ වන විට මෘත ශරිර 07 ක් හඳුනාගෙන ඇත. ඉන් මෘත ශරිර හතරකගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සඳුන් විජේවර්ධන මහතා විසින් සිදු කර ඇත.

ඒහිදි ඔවුන්ගේ මෘත දේහ වල DNA වාර්තා ලබා ගැනිමටද වෛද්‍යවරයා කටයුතු කර ඇත. ඒ් අනුව ඒම මෘත දේහ වල රුධිරය හා කෙස් සාම්පල ලබා ගෙන ඇත. ඒමෙන්ම මොවුන්ගේ ඡායාරූප හා ඇඟිලි සලකුණු ද ලබා ගැනිමට මෙහිදි කටයුතු කර ඇත.

මෙම මෘත දේහ වල පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් වුවත් ඒ්වා ආදාහනය හෝ භූමිදානය කිරිම දැන්ම සිදු නොකරන අතර ඒය සිදු කෙරෙන්නේ අධිකරණ නියෝග මතය.

ඒමෙන්ම මෙහි වාර්තා ඉදිරිපත් කරන්නේද  දෙසැම්බර් 11 වෙනි දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙතටය.ඒතෙක් මෙම මෘත ශරිර රාගම රෝහලේ මෘත ශරිරාගාරයේ අධිශිතකරණ වල බහා තැන්පත් කර තිබේ.

මේ අතර මහර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට ප්‍රකාශ 145 ක් ලබා ගෙන ඇත. ඒ් අතර බන්ධනාගාර නිලධාරින් 54 ක්, වෛද්‍යවරුන් 12 ක්, හෙද නිලධාරින් 07ක් හා රැඳවියන් 73  කුගේ ප්‍රකාශ අඩංගුය.

ශානිකා

Similar Posts