Similar Posts
ඉන්දීයාවේ කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේදී දූෂණයට
ඉන්දියාවේ කොරෝනා ආසාදිත තරුණියක් රෝහලට රැගෙන යම්න් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙකුගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි. පසුව සෞඛ්‍ය අංශ විසින් ඇයව…
ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට
ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතාම උච්ඡ තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන වශයෙන්ම එරට රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තා වීමත්, ඔක්සිජන් හිඟයත් ඇති බවත් රෝහල්වලට ඇතුළු වීමටත් පෙර රෝගීන් මිය යන ශෝචනීය පුවත් දසතින් වාර්තා වේ. නවදිල්ලියේ සහ මහා රාෂ්ට්‍රයේ වෛද්‍ය සේවා හිඟය දැඩිවම බලපා ඇත. ගෙවුණු පැය 24 ඇතුළත වාර්තාගත අයුරින්…
ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…
ගර්භනී කාන්තාවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්
දරු ප්‍රසූතිය සදහා ගර්භනී කාන්තාවන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි. ඇමෙරිකාවේ උපත ලබන සෑම දරුවෙකුටම එරට පුරවැසිභාවය හිමි වීම හේතුකොට ගෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය විවේචනය කරයි. වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇමෙරිකාවට ඇතුළුවන අය සදහා ද නීති දැඩිකර ඇති බවයි සදහන් වෙයි.
බොරිස් ජොන්සන්ට අනතුරු ඇඟවීමක්
බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් කර තිබේ. මහා බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපතිවරයා අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 2කට ආසන්නයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.