රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක කෙරේ.
භික්ෂූන් වහන්සේ අති දක්ෂ පිහිනුම් ශූරයකු බවත් එවන් තත්ත්වයක් තුළ දියේ ගිලී මිය යෑම ගැටලු සහගත බව ප්‍රදේශවාසීන් රැසක්ම පොලිසියට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඝාතන සැකයක් මතුවූ බව රත්ගම පොලිසිය කීය.
උන්වහන්සේ තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට ගොස් පිණ්ඩපාතය සඳහා වැඩම කරන බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බවත් උන්වහන්සේ ඉතා සිල්වත් හිමිනමක් බවත් ප්‍රදේශවාසීන් සමඟ ඉකුත් කාලසීමාව තුළ කිසිදු ගැටලුවක් ඇති නොකරගත් හිමිනමක් බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරුවී ඇතැයි රත්ගම පොලිසිය සඳහන් කළේය.