ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගිනිගත්තේ පළමු වතාවට වන අතර එය සිදුවන්නේත් නීතියේ ආධිපත්‍යය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අභියෝගයට ලක්වෙමින් තිබෙන අවස්ථාවක යැයි සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න බරපතල හානියක් වීමට පෙර පාලනය කිරීම සම්බන්ධයෙන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත විය යුතු බවත් ගින්න පැතිර ගොස් අධිකරණයේ වැදගත් ලිපිගොනු විනාශවූවානම් ඇතිවන තත්වය වඩාත් බරපතල බවද ඔහු පෙන්වා දෙයි.
ගින්නට හේතුව කුමක්වුවත් ඇතිවූ තත්වය ගැන ජනතාවගේ සිත්වල ඇතිවී තිබෙන සැකය සුළුපටු නොවන බවත් ඒ රාජපක්ෂ ආණ්ඩුව යටතේ අධිකරණයට එල්ලවන බලපෑම් ගැන, 20 වැනි සංශෝධනය හරහා අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කර ඇති බවට සමාජයේ ඇතිවී තිබෙන කතාබහ නිසා බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
අධිකරණ තීරණ ඉක්මවා යමින්, මරණ දඩුවම ලැබී තිබෙන, දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයින් නිදහස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය නිසා මේ තත්වය වඩාත් බරපතල වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුදු මේ තත්වයන් සංකේතාත්මකව සමපාත වුවත් යතාර්ථවාදීව සමපාත නොවීමට වග බලාගැනීම පුරවැසි අප කාගේත් වගකීමක් බවද ඔහු කියා සිටියි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ උපරිමාධිකරණ සංකීර්ණයෙන් ගින්නෙන් පසුව සිය මුහුණු පොතේ සටහනක් තබමිනි.
ශානි