“ රටේ බොහෝමයක් අධිකරණයන් තුළ විනිසුරුවරුන්ට අසීමට, දැරීමට නොහැකි තරම් නඩු ප්‍රමාණයක් ගොඩගැසි තිබෙනවා. එම නිසා අධිකරණවල භෞතික සම්පත් වැඩි දියුණුකර දැනට සිටින විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට බලාපොරොත්තුවනවා.“ යයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා  මතුගමදී කිවේය.

හරිත පුරවර වැඩසටහන යටතේ මතුගම නගරය සංවර්ධනය කිරීමේදි මතුගම අධිකරණ භූමියේ සිදුකලයුතු වෙනස්කම් හා ඉඩ පහසුකම් ඇතිකිරීම පිලිබද සොයා බැලීමෙන් අනතුරුව අධිකරණ ඇමතිවරයා මේ අදහස් පළකළේය.

මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පස්කුවල් මහතාගේ ආරාධනයෙන් පැමිණි අධිකරණ ඇමතිවරයා මතුගම අධිකරණ භූමිය නිරීක්ෂණයෙන් අනතුරුව මතුගම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මේ පිළිබද පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමතිවරයා මේ අදහස් පලකළේය.

“ ලෝකයේ අනෙකුත් රටවල තත්වයන් හා අපේ රටේ ජනගහන තත්වය සලකා බැලීමේදී අපේ අධිකරණවල විනිසුරුවරුන්ගේ ප්‍රමාණය ඉතා අවමයි. ඒ වගේම අධිකරණවල භෞතික සම්පත් වැඩි දියුණුකිරීමේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා.

ඒ අනුව ඉක්මණින්ම සංවර්ධනය කළ යුතු අධිකරණ පද්දති තෝරාගන ඉක්මනින්ම වැඩ කටයුතු ආරම්භ කරනවා. එහි කොටසක් ලෙස ප්‍රථම වරට ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ලෙස මතුගම අධිකරණ පද්දතිය පිළිබද සොයා බැලුවා. මතුගමට අළුත් අධිකරණ සංකීරිණයක් ලබාදීමට කටයුතු කරනවා.

ගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම අනුව නීති ක්ෂේත්‍රෙය් විශාල වෙනසක් ඇති කිරීමට අපට විශාල සහායක් ලබාදි තියෙනවා.ඒ නිසාම අනෙකුත් කරුණු අතරතුර මෙවර අය වැයෙන් සම්පුර්ණ නීති ප්‍රතිසංස්කරණය සහ ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා වසර තුනක කාලයකට රුපියල් බිලියන 20 ක් ලබාදී තියෙනවා.

එම මුදල් යොදාගන මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට කටයුතු කරනවා. මේ හා සමානවම අපේ රටේ නීතිවල ප්‍රතිසංස්කරණ කිරිමට අවශ්‍යයි. දැනටමත් ඒ කටයුත්ත ආරම්භ කර තියෙනවා. නීති පනත් 30 ක් පමණ සංශොධනයට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබෙනවා. එමෙන්ම තාක්ෂණය උපයෝගි කරගන අධිකරණ ක්ෂේත්‍රෙයේ විපර්යාසයක් කළහැක්කේ කෙසේද යන්නත් සොයා බලමින් සිටිනවා.

ලබන ජනවාරි මාසය පමෙණ වනවිට අභියාචනාධිකරණයත් , ශ්‍රේෂ්ඨාධිකරණයත් මාර්ගගත ( ඔන් ලයින්) ක්‍රමයෙන් නඩු ඇසිමට කටයුතු කිරිම සදහා අවශ්‍ය පෙර පුහුණුවිම් මේ වන විට සිදුකරගන යනවා. මේ ආකාරයට සමස්තයක් ලෙස මේ ක්ෂේත්‍රය වෙනසක් කිරිමටබලාපොරොත්තුවෙනවා. අපේ ඇතැම් දඩ පත්‍රිකා පිළිබද නීති පනවා තිබෙන්නේ1880 ගණන්වලට අනුවයි.

ඒ අනුව රුපියල් පහක් හෝ දහයක් වගේ සුළු දඩය ගෙවල මින්ස්සු ඒ වරද යළි සිදුකරන්නපෙළඹි තිබෙනවා. මේවා යාවත්කාලීන කිරිමට පනත් ඉදිරිපත්කර තිබෙනවා. අයිස් වගේ මත් ද්‍රව්‍ය ලංකාවෙ මත්ද්‍රව්‍ය පනත යටතේ හදුනාගනත් නැහැ. මේ පිළිබද යාවත්කාලන කිරිමට පනත් ඉදිරිපත්කර තිබෙනවා.

සියලු වරදකරුවන් බන්ධනාගාර ගතකරනවා වෙනුවට ඒ අය මුල්අවස්ථාවෙදිම හදුනාගන ඔවුන් පුනරුත්ථාපනය කළ හැකිදැයි සොයාබලනවා. ලංකාවේ සිරකරුවන් 30000 ක් පමණ දෙනාගෙන් වැරදි කරල දඩුවම් ලබන්නෙ අට දාහක් හෝ දහ දාහක් දෙනා පමණයි. විසිදාහක් හෝ විසි පන්දාහක් පමණ දෙනා ඉන්නෙ රිමාණ්ඩ්ගතවෙලයි.

පොඩි ප්‍රමාණයක් රිමාණ්ඩ්ගතවූවොත් ඉන් දහදාහක් පමණ දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අයයි.මේ අයවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය බෙදාහරින්නනුත් හැමදෙනාම එකට දා එක විසදුමක් ලබාදිය නොහැකියි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු අය ඇත්තටම අපරාධ වින්දිත අයයි. ඔවුන්ට අප උදවුකර පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ සදහා පුළුල් වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශයේ මා රාජකාරි භාරගන්නාවිට රස පරීක්ෂක වාර්තා 8000ක් පමණ ගොඩගැසි තිබුණා. මේ කටයුතු ඉටුකිරිමට හිටියෙ එකොලොස් දෙනෙකු පමණයි. දිගු කාලයකින් සේවක බදවාගැනිම් කර තිබුනෙ නෑ. එය කඩිනම්කර අළුතින් 28 දෙනෙකු බදවාගන මත්ද්‍රව්‍ය හා අන්තරායකර මණ්ඩලයේ අයවත් මේකට එක්කරගත්තා.

සේවා මුර දෙකකට වැඩකරල මේ වනවිට එය 4500 දක්වා අඩුකරගන තිබෙනවා. රස පරීක්ෂක වාර්තා ලැබෙනතුරු මාස 09 ක් ඉන්න බැහැ. අවම වශයෙන් දින 45 ක් මාසයක් හෝ ඇතුලත එය සිදුවිය යුතුයි. ඒ සදහා අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

 

Similar Posts