කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි.
හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර තියෙන්නේ දේශපාලන මතයි එත් මෙසේ පාසල් ආරම්භ කිරිමට සුදුසු වට පිටාවක් නැහැ එමෙන්ම මේ පාසල් ආරම්භ කිරිම නිසි ක්‍රම වේදයක් පාසල් පද්දතිය තුල නැහැ.
සමහර පාසල් තුල සිසුන්ගේ ශරිර උස්නත්වය බලන්න අවශ්‍ය උපකරන නැහැ සමහර පාසල්වල විශබීජ හරනයට අවශ්‍ය දේවල් නැහැ මෙම තත්වයන් තුලින් පාසල් තුලින් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්ද පවතිනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් 400 වැඩි පිරිසක් සිටින බවට වාර්ථා වනවා එමෙන්ම ගිනිගත්හේන, බගවන්තලාව, මස්කෙළිය, යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් කොවිඩ් ආසාදිතයන් 250ක් පමන ඉන්න බව වාර්ථා වෙනවා.
ආන්ඩුව කියනවා කොවිඩ් 19 සමාජගත වෙලා නැහැ කියලා එත් කලුගල මාර්ග බාධකයේදි සිදු කරන පි. සි. ආර්. පරික්ෂාවලදි දිනකට කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙක් අට දෙනෙක් හමු වෙනවා.
පාසල් ආරම්භ කිරිමෙන් ආන්ඩුව බලන්නේ දරුවන්ගේ අධ්‍යාපනය නම් එයනිසි ලෙස සාර්ථක වෙලා නැහැ අද මෙම ප්‍රදේශ ගත් විට පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම අඩු මට්ටමකයි පවතින්නේ එම තත්වයන් මත මෙසේ පාසල් ආරම් කිරිම සාර්ථක නැහැ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්