වටවල ඇගලුම් කම්හලින් වාර්ථාවන කොවිඩ් ආසාදිතයන් හතලිහ (40) දක්වා ඉහල යාමත් සමග ලද සෞඛ්‍ය උපදෙස් මත එම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලක මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයකු හමුවිමත් සමග කරන ලද පි. සි. ආර්. හා ක්ෂනික ප්‍රතිභේද (රැපිඩ් ඇන්ටිජන්) පරික්ෂන වාර්ථා මත මේ වන විට එම ඇගලුම් කම්හලේ සේවය කරන හතලිස් දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත්ය.

කොවිඩ් ආසාදියකු හමු විමත් සමග මෙම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට කලින් උපදෙස් ලබාදි තිබුනද එම ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් හමු විමත් සමග එම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලක මණ්ඩලය උපදෙස් දුන් බවත් එම තත්වයන් මත වටවල ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලක මණ්ඩලය මගින් පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ඇගලුම් හම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවත් මෙයින් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පිරිස් බවත් එහි සේවක පිරිස් තව දුරටත් පි. සි. ආර්. පරික්ෂාවන්ට මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts