අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි.
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ අහඹු පී.සී.ආර් පරික්ෂන වලදි රෝගින් පොකුර වාර්ථාවි තිබේ.ඒ අනුව සිකුරාදා දිනයේ සිට ඊයේ (28දා) දක්වා රෝගින් දස දෙනෙකු රෝගයට ගොදුරුවි ඇති බව හදුනාගෙන තිබේ.
රෝගින් හමුවීමත් සමග සිදුකළ පරික්ෂන වලදි රෝගයේ ආරම්භකයා ලෙස පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සැකමතුව තිබෙනා අතර ඔහුගේ මව පළාත් සභාවේ සේවිකාවක් බැවින් ඇය ඇසුරුකළ සේවක සේවිකාවන් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.
ඊට අමතරව ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ අනුරාධපුර කාර්යාලයක සේවයේ නියුතු සේවකයන් නම දෙනෙකුත් ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්යබලධාරින් පියවර ගෙන තිබුණි.
මෙම පොකුර නිර්මානය වීමත් සමග අනුරාධපුර පුබුදුපුර මාතලේ හංදිය ගුවන් තොටුපල පාර නිරාවිය ඇතුළු ප්‍රදේශ කිහිපයක විවිධ රැකියාවල නියුතු ආශ්රීතයන් 20 දෙනෙකු හදුනාගෙන ස්වයං නිරෝධායනය සිදුකර තිබේ.
දැනට කොවිඩ් 19 රෝගය වැලදුණු රෝගින් අනුරාධපුර ජයසිරිපුර පොලිස් නිලනිවාස බුලංකුළම මහවිලච්චිය රාජංගනය ඇතුළු ප්‍රදේශවලින් වාර්ථාවි තිබෙනා අතර ඔවුන් ඇසුරු කළ ආශ්‍රීත පවුල් සියයකට අධික ප්‍රමාණයක පුද්ගලයන් 350කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පියවර ගෙන තිබේ.
මෙම පුද්ගලයන් පසුගිය දින කිහිපයේ සැරිසැරූ සුපිරි වෙළදසැල් නිමි ඇදුම් ආයතන ත්‍රීරෝද රථ ගාල් පොලිස් නිල නිවාස කිහිපයක් හදුනාගෙන අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය