අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ පදිංචි රෝගියෙකු හමුවි තිබේ.
සැකසහිත පුද්ගලයන් පී.සී.ආර් පරික්ෂනයන්ට ලක්කිරිමෙන් පසුව ලැබුණු වාර්ථා වල අදාල ආයතනයේ සේවකයාට කොවිඩ් 19 වැලදි ඇති බව තහවුරුවි තිබුණේ යැයි සෞඛ්‍ය අංශ තහවුරු කළේය.අනුරාධපුරයෙන් මතුවු රෝගින් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ රෝගින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබේ.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය