වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු කොවිඩ් ආසාදිතයන් දෙතුන් දෙනකු හමුවිමෙන් පසුව එම ඇගලුම් කම්හලේ සේවකයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමත් සමග මෙම කොවිඩ් ආසාදිතයන් හමුවු බවත්ය.
මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ප්‍රතිකාර සදහා යැවිමට පියවර ගෙන ඇති බවත් එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ඥතින් හා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමටද පියවර ගෙන ඇති බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්