Similar Posts
තලෙබාන් ප්‍රධානියා ප්‍රසිද්ධ හමුවකට
තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.
රාජාණ්ඩුවට අභියෝග කළ තරුණිය
“ත්‍රාසයෙන් මම ඉන්නේ. ප්‍රතිවිපාක ගැන මට බියක් දැනෙනවා.” එසේ පැවසුවේ පන්යුසායා සිතිජිරාවට්ටනකුල් නම් තායිලන්ත තරුණියකි. 21ක් හැවිරිදි ඇය, පසුගිය අගෝස්තු මස වේදිකාවක මතට නැග එරට රාජාණ්ඩුවට විවෘත අභියෝගයක් කළාය. එම අවස්ථාවට 1,000ක් පමණ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක් ව සිටි අතර එහිදී ඇය කරුණු 10කින් සමන්විත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරමින් රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය වියයුතු බව ඉල්ලා සිටියාය.
තලෙබාන් තුවක්කුකරුවෝ ඝාතන අරඹයි
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය. පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම…
මත්පැන් විෂවීමකින් 65ක් මරුට
නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.