පොලිස් වසම් කිහිපයක් ආවරණය වන පරිදි මහපරිමාන හෙරොයින් ජාවාරමක නිරතවූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා කෝප්රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එප්පාවල පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලිම් කිහිපයකදි සැකකරුවන් 11දෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර විශ්‍රාමික යුදහමුදා කෝප්‍රල්වරයා සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 700ක ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.යුදහමුදා සෙබළා එප්පාවල අධිරාණිගමදි අත්අඩංගුවට පත්වි තිබුණි.
ඔහු සමග ජාවාරමේ නිරත සැකකරුවන් තිදෙනෙකුත් හෙරොයින් සමග එප්පාවල කටියාව දෙසිය පනහා හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදි අත්අඩංගුවට ගෙන තිබුණු අතර ජාවාරම්කරුවන්ගෙන් පානය කිරීම සදහා හෙරොයින් මිලදි ගන්නා සැකකරුවන් හත්දෙනෙකුත් පොලිස් අත්අඩංගුවට පත්වි තිබුණි.සියළුම සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 700ක් තිබුණු බව පොලිසිය පවසයි.
සැකකාර විශ්‍රාමික යුදහමුදා සෙබළා කුරුණෑගල ප්‍රදේශයට ගොස් හෙරොයින් රැගෙනවිත් එප්පාවල මහඉලුප්පල්ලම ඉපලෝගම තලාව තඹුත්තේගම කැකිරාව ඇතුළු ප්‍රදේශ රැසක හෙරොයින් බෙදා හරිනා ජවාරම්කරුවන්ට ග්‍රෑම් දෙක තුන බැගින් අලවිකරනා බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි.විශ්‍රාමික යුද හමුදා සෙබළා මීට පෙර අවස්ථාවකත් හෙරොයින් ග්‍රෑම් පහක් සමග අත්අඩංගුවට පත්වි බන්ධනාගාර ගතව සිට මහාධිකරණයේ ඇපමත මුදාහැර සිටින්නෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් 42 හැවරදි සැකකරු ඇතුළු සැකකරුවන් සන්තකයේ තිබි අත්අඩංගුවටගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් හාර ලක්ෂයකට අධික වන බව පොලිසිය පවසන අතර සැකකරුවන් ඊයේ (4දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරළේගෙදර පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 51209 ප්‍රසන්න 45536 ශාන්ත 48236 කීර් ති 48001 පොලිස් කොස්තාපල්වරුන් වන ඒකනායක 61026 විජයරත්න 66935 විජේසේකර 68508 අබේවර් ධන 69252 යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.
අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය