සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට මේ මොහොත වන විට සිරකරුවන් හා සැකකරුවන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇතැයිද ඔහු පවසයි.
එමෙන්ම බන්ධනාගාර සේවය විශෝධණ සේවයක් බවට පත් කිරිමට අවැසි කරුණු සලකා බලා එයද ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියි.
බන්ධනාගාර වල සිටින රැඳවියන් පාලනය කර ගරනීමට අපහසු බන්ධනාගාර නිලධාරි හිඟය නිසා බවත් මේ වන විට 1400 ක නිලධාරි හිඟයක් පවතින බවත් ඒ් නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂක කටයුතු සිදු කෙරන බවද හෙතෙම පවසයි .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේදිය.
මෙහිදි බන්ධනාගාර නිළධාරින්ගේ සේවා උසස්වීම්හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා විසින්බන්ධනාගාර නිළධාරීන් වෙනුවෙන් සැකසුණු යෝජිත නව සේවා ව්‍යවස්ථාව රාජ්‍ය අමාත්යතුමාවෙත පිළිගැන්විණි.
ශානි