කොවිඩ් වසංගතය පාලනය කරගනිමින් ඉතා ඉක්මණින් පෙර පාසල් විවෘත්ත කිරිමට කටයුතු කරනවා. ඒ සදහා සෘජු නායකත්වයක් හොද වැඩපිළිවලක් තියෙන නායකත්වයක් මේ රටට ලැබීම ගැන අද අප සතුටු වියයුතු යයි. කාන්තා, ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මතුගමදි කීවේය.

රුපියල් මිලියන 11ක් වැය කරමින් පෙර පාසල් සදහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබාදිමේ වැඩ සටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත,වළල්ලාවිට, පාලින්දනුවර, කළුතර , සහ පානදුර ඇතුළු පෙර පාසල් 496 ක් සදහා මෙසේ උපකරණ බෙදාදිම රාජ්‍ය අමාක්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එම උත්සව සභාව අමතා පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා මේ අදහස් පළ කළේය. “ කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සෑම රටකම සෑම ක්ෂේත්‍රයක්ම පාහේ කඩා වැටිලා තිබෙනවා.

අපේ රටේ ඇතැම් ප්‍රදේශවල ඇතැම් පෙර පාසල් ගුරුවරුන් තම ජීවිකාව රැකගන්න මහ පාරේ බඩ ඉරිගු විකුණන්න, කුලියට අත්වැඩදෙන්න යන තැනට වැටිල තියෙනවා. මේ බව පාර්ලිමේන්තුවෙදිත් ඉන් පිටතදීත්, ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවධානය යොමුකරවාගන ඔවුන් පිළිබදව යම් වැඩපිළිවලක් සැකසීමට මැදිහත්ව තිනෙවා. පාර්ලිමේන්තුවෙ විපක්ෂය කතා කළයුතුදේවල් මම පෙර පාසල් ගුරුභවතුන් වෙනුවෙන් පෙනීසිටිමින් කතාකර ජයග්‍රහන කර තිබෙනවා.

ගුරුවරයෙකු ලෙසත්‍ දරුවන් සමග වැඩ කර ඇති කෙනෙකු ලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ කාර්ය භාර්ය ඉතාහොදින් තේරුම් ගෙන තිබෙනවා. දශක කිපයක සිට “සිසු නැණ ප්‍රදීප“ වැඩසටහන මගින් පෙර පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් මගේ පුද්ගලික ධනය පමණක් නෙමෙයි මගේ බිරිදගේ කණ කර ආභරණ , මගේ රන් ආභරණ බැංකුවට උකස්කර වැඩ කර තිබෙනවා.

මෙතෙක් කාලයක් මේ රටේ අවිධිමත්ව තිබුණු පෙර පාසල් අධ්‍යාපනය විධිමත් සකස් කර, ප්‍රථම වතාවට අමාත්‍යාංශයක් බිහිවෙලා තිබෙනවා. අති ගරු ජනාධිපතිතුමා , ගරු අග්‍රාමාත්‍යතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා ලොකු විශ්වාසයක් ඇතිව එම අමාත්‍යාංශය මට බාරදී තියෙනවා. ඒ අනුව ගතවු කෙටි කාලය තුල බොහොම නිශ්ශබ්දව විශාල වැඩකොටසක් ඉටු කිරිමට මට හැකිවෙලා තිබෙනවා.

පෙර පාසල් සදහා වසර 26 ක කාලයක් තිස්සේ ජාතික ප්‍රතිපත්තියක් තිබුනෙ නෑ. නමුත් මාස තුනක් ඇතුලත ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට කටයුතුකලා. ලංකාවේ දිස්ත්‍රික්ක නවයක පෙර පාසල් ගුරුවරුන් හමුවෙලා ඔවුන් මුහුණ දී තිබෙන ගැටළු, ප්‍රශ්න හදුනාගන්න කටයුතු කර තිබෙනවා. මෙතෙක් කල් පෙර පාසල් සදහා ලෝක බැංකුණය ආධාර යටතේ භෞතික සම්පත් සංවර්ධනය සදහා ලබාදුන්න රුපියල් ලක්ෂ හයක මුදල රුපියල් ලක්ෂ 12 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා.

වැසිකිළි. කැසිකිලි පහසුකම් හා ජල පහසුකම් නැති ලංකාවේ සෑම පෙර පාසලක් සදහාම එම පහසුකම් සපුරා ගැනීමට ප්‍රතිපාදන ලබාදිමට ලබන වසර තුළ කටයුතු කරනවා. ඒ සදහා කටයුතු කිරිමේ හැකියාව දැනටමත් ලැබී තිබෙනවා. කොරෝනා වසංගත සමයේ පෙර පාසල් විවෘත්ත කිරිමට පෙර අවශ්‍ය වන සෞඛය පහසුකම් සදහා ලබදෙන බේසමක්, විෂ බීජ නාශක. ඇතුළු උපකණ ටිකක් ලබාදීම පමණක් මේ වැඩසටහන නෙමෙයි.

පෙර පාසල් වෙනුවෙන් දැනටමත් විශාල වැඩකොටසක් කිරිමට හැකිව තිබෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයට විශාල මුදලක් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබෙනවා. පුරුව ළමාවිය සංවර්ධනයේ ශෞතික සම්පත් පමණක් නෙමයි දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය ලබාදිම වෙනුවෙන් අප කැප විය යුතුයි.ඒ සදහා ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකට යාමට මා කටයුතු කරනවා.

පෙරපාසල් වෙනුවෙන් අමාත්‍යාංශයක් ඇතිකිරිම මේ රටේ දරු පරපුර පෙර පාසල් ගුරුභවතුන්ලද වාසනාවක් වෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම පෙරපාසල් සංවර්ධන ඇමතිවරයා ලෙස ඉතිහාස ගතවීමට මා කටයුතු කරනවා.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts