නැබඩ, කැන්දකඩුව ආයුර්වේද රෝහලේ දේශිය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඔසු ලබාගැනීමට ඔසු උයනක් ආරම්භකර පලාතේ හොදම ආයුර්වේද රෝහල බවට පත් කිරිමට කටයුතු යොදන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ( පො.පෙ.) අනූප පැස්කුවල් මහතා පසු ගියදා කීවේය.
කැන්දකඩුව ආයුර්වේද රෝහලේ කටයුතු සොයා බැලිම සදහා මන්ත්‍රිවරයා රෝහලේ සිදුකල නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව මේ බව කීවේය. අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම අනුව රටේ ජනතාවගේ නිරෝගී සුවය සැලසිම ප්‍රධාන තැනක් ගන්නවා. එහිදි ආයුර්වේදයට විශාල වගකීමක් හා කාර්යභාර්යක් තියෙනවා.
පසු ගිය පාලන කාලය තුළ මේ රටේ දේශිය ආයුර්වේදය නගා සිටුවීමට තැනක් දුන්නාද කියල ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා බටහිර වෛද්‍ය විද්‍යාව වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ආදී වෛද්‍ය ක්‍රම දේශිය වශයෙන් නගා සිටුවීමට කටයුතු කරනවා.
නෑබඩ, කැන්දකඩුව, නාර්තුපාන, දොඩන්ගොඩ, ඇතුළු ප්‍රදේශවල ජනතාව පමණක්නොව කළුතර දිස්ත්‍රික්කයේම ජනතාව කැන්දකඩුව ආයුර්වේද රෝහල දියුණු කල යුතුයැයි ඉල්ලා සිටිනවා.දැනට ඉතාම දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් සමග කාර්යක්ෂම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රෝහලේ සේවය කරනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදි සේවාවන් තව දුරටත් පුළුල් කිරිම කලයුතුයි.
රෝහලේ අවශ්‍යතා සදහා දැනටමක් සිදුකරන ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඔසු වගා කිරීම සදහා ඔසු උයනක් ආරම්භ කළයුතුව තියෙනවා. මෙමගින් දේශිය ආයුර්වේදයේ ගුණාත්මක භාවය ඉහළ යන අතර රැකියා කීපයක් උත්පාදනය සිදුවෙන අතරම ජනතාවට හොද ආදර්ශයක් දේශිය ඖෂධ වගාව වෙනුවෙන් මගපෙන්වීමක් වෙනවා.
දේශිය ආයුර්වේදය පිළිබද ලාංකිකයින් තුළ මෙන්ම විදේශිකයින් තුළත් ලොකු විශ්වාසයක්, පැහැදීමක් ඇතිවෙලා තියෙනවා. දැනටමත් ඇතැම් පුද්ගලික ආයතන දෙස් විදෙස් සංචාරකයින් සදහා ආයුර්වේද ප්‍රථිකාර ලබාදෙනවා.
එම නිසා කැන්දකඩුව ආයුර්වේද රෝහලේ දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම අවශ්‍ය පුද්ගලයින්ට සුළු මුදලක් ගෙවා සේවා ලබාගතහැකි අංශයක් ඇතිකල යුතුයැයි ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. එමගින් රෝහලට අතිරේක ආදායම් මාර්ගයක් ලැබෙනවා.
එමගින් අදහස් වන්නෙ රෝහලේ සේවා සදහා මුල් ගෙවිය යුතුයි කියල නෙමෙයි. නිදහස් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අංශූ මාත්‍රයකින් හෝ හානියක් නැතිව විශේෂයෙන්ම දෙස් විදෙස් දංචාරක පිරිස් සදහා ආයුර්වේද ප්‍රථිකාර ඒකකයක් ආතිකිරීමෙන් රෝහලේ දියුණුවට ආදායම් මාර්ගයක් ඇතිවෙනවා.
කැන්ද කඩුව ආයුර්වේද රෝහල දශක ගණනාවක ඉතිහාසයක් තියෙන රෝහලක්. බටහිර වෛද්‍ය ප්රථිකාරවලින් සුවය නොලද රෝග රැසකට දේශිය ආයුර්වේදයේ ප්‍රථිකාර පිළිබද ජනතාවඅතර විශ්වාසයක් තියෙනවා.
පංච කරම ආයුර්වේද වාට්ටුව තව දුරටත් දියුණු කිරිමට ලබාදිය හැකි සමිපත් ලබාදී කැන්ද කඩුව ආයුර්වේ රෝහල නෑබඩට, කැන්දකඩුවට පමණක්නොව රටේ හොදම ආයුර්වේද රෝහල බවට පත්කිරිම සදහා අවශ්‍ය උපරිම දායකත්වය ලබාදෙනවා.
සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න