බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.

මුඛ ආවරණ නොපැළඳීම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත නොකර වෙළඳාම ඇතුළු සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කර තිබෙන බව ඒ මහතා කීය.කෝවිඩ් වසංගතය පාලනය කරගැනීම සඳහා සෑමවිටම සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසද පොලිස් අධිකාරියවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

Similar Posts