police

හෙරොයින් ජාවාරමේ නිරතවු පොලිස් පරික්ෂකවරයෙකු හා ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ වහාම අත්අහිටුවීමට උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි‍ෙමහතාගේ අධික්ෂණයේ පැවති කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කොරළේගෙදර මහතා හෙරොයින් ජාවාරමේ නිරතවිමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්විමෙන් පසුව ඔහුගේ සේවය වහාම අත්හිටුවිමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඊට අමතර අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනියුක්තව අනුරාධපුර අධිකරණ පොලිස් මුරපොලේ සේවයේ නිරතවෙමින් සිටි පොලිස් සැරයන් බණ්ඩාර 47584 යන අය බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා සේවය අත්හිටුවිමට කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතා පියවර ගෙන තිබේ.

අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසුරිය

Similar Posts