කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරි සැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය විමේ අවදානයක් පවතින බව හැටන් ප්‍රදේශයේ පිරිසක් පවසති.
හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයක් ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින් එම පවුලේ පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යවරුන් පියවර ගෙන ඇත.
මෙම පිරිස මෙසේ ස්වයං නිරෝධානයට ලක් කර තිබියදි එම සේවිකාව හා ඇයගේ ස්වාමියා එම නිරෝධාන නිති උල්ලංගනය කරමින් නගරයට යන බවත් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිට එම මාර්ගයේ යන එන පිරිස් සමග හා පාසල් සිසු සිසුවියන් සමග කතාබස් කිරිම් සිදුකරන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයේ කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත් මේ පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද වැඩි දුරටත් පවසනස ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමේදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මේ පිලිබදව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්