coronavirus news

හැටන් නගරයේ තවත් පිරිමි පාසලක ද්‍රවිඩ අංශයේ (හැටන් බොස්කෝ විදුහල) 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ මෙම සිසුවා හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මොහු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් වන ඔහුගේ පවුලේ හතර දෙනකු, ඔහු ඉගෙනුම ලබන විදුහලේ සිසුන් 34ක්, ගුරුවරුන් 14, හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරින් 06 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙසේ හමුවු කොවිඩ් ආසාදිත සිසුවා කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරිමට පියවර ගන්නා අතර ස්වයං නිරෝධානයට ලක් කර ඇති පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද මැදවෙල මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts