මේ රටේ භාෂණයේ නිදහස වෙනුවෙන් හා ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එම අයිතිය දිනා දීම සඳහා සටන් කරන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව කදුරුවෙල දුම්රියපොල ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතිය තහවුරු කරලා තියෙනවා.

එහෙම තියෙද්දි අපේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවේ කළ කතාව නිසා විධායකය කුපිත වෙලා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එහෙම වෙනවා නම් හෙට දින මේ රටේ ජීවත්වන ජනතාවට පුරවැසියන්ටත් මේ තත්ත්වය උදා වෙන්න්න පුළුවන්.

නමුත් අපි ඒකට එරෙහිව සමගි ජන බල වේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් දිවයින පුරාම අපි මේ විරෝධතාව නිහඩ සාමකාමි අරගලය කරගෙන යනවා.

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය  හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්.ඒ වගේම මේ රජයට කියනා මේ රටේ ජනතාවගේ භාෂනයේ නිදහසට අත තියන්න එපා කියලා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් තහවුරු කරලා තියෙනවා භාෂණයේ නිදහස ,‍රැස්වීමේ නිදහස තහවුරු කරලා තියෙනවා.

අපි රජයට කියනවා අපි මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව තුල හඬක් නගන්නේ.සමස්ත ලක්වාසි ජනතාව වෙනුවෙන්.ඒ ව්ගේම මේ රජය එක බොරුවක් වහන්න බොරු ගොඩාක් කියනවා.

නැගෙනහිර ජැටිය විල්කුණන්නේ නෑ කිව්ව ආණ්ඩුව  යහපාලන ආණ්ඩුව  කරගෙන ආව දේවල් යම් යම් වෙනස්කිරීම් කරලා දිගටම කරගෙන යනවා කියලා.ඉතින් මේ ආණ්ඩුව මොකද කරන්නේ සියයට 51 ද 49 ද නෙමෙයි පැහැදිලිව කියන්න මේ රටේ සම්පත් නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ කියලා.අපි රජයට බල කරනවා.

මේ රටේ පොදු දේපල මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නෑ කිව්ව රජය ජැගෙනහිර ජැටිය විකුණන්න තීරණය කරලා තියෙන්නේ.එක එක කතා නොකියා ජනතාවට හරි උත්තරයක් දෙන්න හෑට නම ලක්ෂයක් ඡන්දය ගත්තා.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත්තා,බලය මදි කියලා 20 සම්මත කර ගත්තා.

ඇයි  ජනතාවට සහන දෙන්නේ නැත්තේ කෝ මේ රටේ සංවර්ධනයක්.අවුරුද්දයි මාස දෙකක් ගිහිල්ලා.කිසිම සංවර්ධන වැඩක් වෙලා නෑ.මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තර්ජනය කරනවා මිසක්,අහිංසක දුප්පත් මිනිහාගේ ප්‍රශන විසදන්නේ නැතුව ඒ අයගේ බලය තහවුරු කර ගන්න තමයි හැම දෙයක් ම මේ රජය කරන්නේ.

අපි පැහැදිලිවම කියනවා විධායකයට අපි කියනවා පුළුවන් නම් රටට කියන්න සියයට 49 ද 51 ද නෙමෙයි.නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ බදු දෙන්නේ නෑ කියලා කියන්න.එහෙම කියනකල් අපි මේ අරගලය දිගින් දිගටම කරනවා.ඒ වගේම භාෂණයේ නිදහස් වෙනුවෙන් අපි මේ සටන දිගටම ගෙනියනවා.

සමගි ජනබලවේගය විදිහට.රංජන රාමනායක මැතිතුමා හිරගත වෙලා තියෙනවා.එතුමා අධිකරණය සම්බන්ධයෙන් කළ කී දෑ පිළිබඳව වැ‍රැද්දක් තියෙනවා ඒක අපි පිළිගන්නවා.හැබැයි කථානායකතුමාට බලය තියෙනවා එතුමා පාර්ලිමේන්තු සැසිවාරවලට කැදවන්න.ඒක කරන්නේ නෑ.රන්ජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ගේන්න කථානායකතුමා කිසිම ප්‍රකාශයක් කරන්නේ නෑ.එතුමාට බලය තියෙනවා ගේන්න.

ඒකටත් අපේ විරෝධය පළ කරනවා.මේ රටේ වෘත්තීය සමිතිවලටත් මේ ආණුව කරන්න යන්නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රණාන්දු මැතිතුමාට කරපු තර්ජන්යමයි.තර්ජනය කරලා බය කරලා මේ ආණ්ඩුව  කරන්න හදන්නේ.සමගි ජනබලවේගය හැටියට අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා.”

මෙහි දී විවිධ සටන් පාඨ ‍රැගත් පුවරු ඔසවා ගත් විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධය පළ කර විසිර ගිය හ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts