serious sexual assault

මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපු‍ර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (26දා) නියෝග කළේය.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අනුරාධපුර උදය මාවතේ පදිංචි උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරණ ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවූ පන්නිමුල්ල සිල්වත් නුවන් කැලුම් සේනානායක යන සැකකරුයි.

දැරියන්ට සිදුවු අතවර වලට ආධාර අනුබලදීමේ චෝදනාවන් සම්බන්ධයෙන් හා දැරියන්ට කෘරත්වය පෑමේ චෝදනාවන්ට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවගේ (නිවාස මාතා)ඇප අයදුම සලකා බලමින් විනිසුරුවරයා ඇයව රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් සමග දැඩි ඇප කොන්දේසිමත මුදාහැරීමට නියෝග කළේය.

අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වශයෙන් කටයුතු කළ තම්මැන්නාකුලම අනුරාධපුර  ලිපිනයේ පදිංචි 43 හැවරදි අමරා වීරසිංහ යන අය මෙසේ ඇපමත මුදාහැරුණි.

කිසිදු හේතුවක් මත පැමිණිල්ලේ සාක්ෂිවලට බලපෑම් සිදුනොකළ යුතු බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එසේ සිදුකර අධිකරණයට කරුණු වාර්ථා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුත්ත අවසන් වනතුරුම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකරන බව විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින අනුරාධපුර ළමා හා කාන්තා කාර් යංශයේ පෙනි සිටිමින් අත්සන් තැබිය යුතු බවට සැකකාරියට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.සැකකාරියට එරෙහිව අධිකරණය හමුවේ නඩු 11ක් විභාගවේ.

දැරියන්ට අතින් පයින් ප්ලාස්ටික් බට පොළු වලින් පහරදී තුවාල සිදුකරමින් කෘරත්වය පෑම හා බරපත ලිංගික අතවර බරපතල ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණයන්ට යෝග ගුරුවරයාට ආධාර අනුබලදුන් බවට ඇය චෝදනා ලැබ සිටි.

යෝග ව්‍යායාම මානසික ආතතියට පත්ව සිටින දැරියන්ට මනෝවිද්‍යා උපදේශන සේවාවන් ලබාදෙන මුවාවෙන් ආයතනයට පැමිණ ඇති ප්‍රධාන සැකකරු ඔවුන්ට සිදුවූ අතවරයන් පිළිබදව විස්තර අසමින් දැරියන්ට බරපතල ලිංගික අතවර සිදුකර තිබෙනා බවත් ළමා නිවාසයේ සේවය කළ එක් තරුණියක කෙළෙසා ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

ඊයේ (26දා) ප්‍රධාන සැකකරුට එරෙහිව තවත් නඩු 10ක ප්‍රමාණයක් ගොනුකළ අතර ඔහුට එරෙහිව පැමිණිලි 20ක් ලැබි තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

අදාල මාධ්‍ය ආයතනය විකාශනය කළ දර්ශනවල සංස්කරණය නොකළ දර්ශන සහිත වීඩියෝ පටය මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකු විසින් පරික්ෂන සදහා නීතිඥවරයෙකු සමග පෙනි සිටිමින් ඊයේ (26දා) අධිකරණයට ලබාදුන්නේය.

අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිෂානි සෙනවිරත්න ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති ඇතුළු නිලධාරින්ගේ උපදෙස් මත නඩු මෙහෙයුම් පොලිස් සැරයන් ඒ.සී දයානන්ද 28163 මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts