china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයේ නිෂ්පාදනය කරන Sinopharm කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේය.

තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ, පෙබරවාරි මාසයේ මැද වන විට අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇතැයි තානාපති කාර්යාලය නිකුත්කල නිවේදනයේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් 79% ත් 86 %ත් අතර ඵලදායීතාවයක් පෙන්වා ඇති බවයි.

Similar Posts