උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපට්ටිය හා සොරගුණේ වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කර විනාශ කළහොත් එහි හානිය ක්ෂේත්‍ර ගණනාවකට බලපානු ඇතැයි පරිසරවේදීන් පවසයි.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය තරම් ඉඩම් මේ වන විටත් ලබා දී ඇති බවයි.
එබැවින් මෙම අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය ගොවිතැනට යැයි පවසමින් ලබා දීමට සූදානම් වන්නේ ජාවාරම්කරුවන්ට බවයි ඔහු කියා සිටියේ.
දහයියාගල අලිමංකඩ, පාරිසරික වශයෙන් අතිශය වැදගත් බවත් එය විනාශ වීමෙන් ගම්මාන 35ක ජනතාව අනතුරකට පත්වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
දහයියාගල, යනු සුවිශේෂි පරිසර පද්ධතියක් වනවා. උඩවලව, බෝගහපිටිය, කරමැටිය ලවණ නිදිය, වන අලින්ගේ ප්‍රියතම ස්ථානයක්. මෙම ප්‍රදේශයේ ශාක ආහාරයට ගැනීමට ද නිරන්තරයෙන් අලි ඇතුන් දහයියාගල අලිමංකඩ හරහා උඩවලවටත් බෝගහපිටියටත් ගමන් කිරීම සුළභ සිද්ධියක්. දෛනිකව ඒ හරහා ගමන් කරන අලි ඇතුන් සංඛ්‍යාව 30කට අධිකයි.
අලිමංකඩ කොටසද ඇතුළත්ව, දහයියාගල අභය භූමියක් ලෙස නම් කරන්නේ 2002 වසරේ ජුලි මස 07වනදායි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 26 දශම 8යි 5ක්. 2008 වර්ෂයේද දහයියාගල රක්ෂිතය ආශ්‍රීත ඉඩම් එළි පෙහෙලි කර ජනතාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා.
එම උත්සාහය අවසන් වුයේ ප්‍රදේශවාසීන් හා පරිසරවේදීන් ද සම්බන්ද වු දින 07ක සත්යාග්රහයකින් පසුවයි. 2012 වසරේ දහයියාගල අලිමංකඩ ආරක්ෂා කර අලි වැටක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කෙරෙන්නේ ද ඉන් අනතුරුවයි.
රක්ෂිත ආශ්‍රීත අවශේෂ කැලෑ, වගා කටයුතු වෙනුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතා බහක් මතුව තිබෙනවා. ඊට හේතු වුයේ ජනාධිපතිවරයා සහභාගි වන ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබිමත් සමගයි.
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක පැවසුවේ රක්ෂිත ආශ්‍රිතව කලක් තිස්සේ හේන් ගොවිතැන ඇතුළු වගා කටයුතු කළ ගොවීන්ට පසු කාලීනව සිදුකළ මැනුම් කටයුතු හේතුවෙන් සිදුව ඇති අසාධාරණය නිවැරදි කිරීම අරමුණ බවයි.
කලක් තිස්සේ ගොවිතැන් සිදුකළ ගොවීන්ට තම සුපුරුදු භූමිවල වගා කටයුතු සිදුකිරීම සඳහා මේවනවිටත් අවසර ලබා දී ඇති බවයි ඔහු කියා සිටියේ. මෙම අවසරය ලබාදී ඇත්තේ වන රක්ෂිත ලෙස නම් කර ඇති ප්‍රදේශවල පිහිටි ලදු කැලෑ ආශ්‍රීතව පමණක් බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.
කෙසේවෙතත් පරිසරවේදීන්ගේ වාර්තාවලට අනුව දහයියාගල රක්ෂිතයේ සීමා මායිම් තවමත් පැහැදිලිව ලකුණු කර නැහැ. ඒ අනුව මෙවැනි තීරණ මගින් මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ වනු ඇති බවයි පරිසරවේදීන්ගේ මතය වන්නේ.