1000

වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහාස දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස  ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් මේ වන විට දැඩි උනන්දුවක් ගන්නා බවත්ය.

රජය එසේ වතු කම්කරු වැටුප වැඩි කිරිමට දැඩි උනන්දුවක් ගත්තද වතු සමාගම් කිපයක් එක්ව එම උත්සහාය කඩා කප්පල් කිරිමට පියවර ගන්මින් සිටින බවත් එම තත්වයන් මත එම වතු සමාගම් සදහා විරෝධය දැක්විම පිනිස මෙම හර්තාල් ව්‍යාපාර සංවිධානය කරන බවත්ය.

මෙය රජයට විරුද්ධ දෙයක් නොවන බවත් මෙය වතු කම්කරු වැටුප් වැඩි කිරිමට එරෙහිව කටයුතු කරන වතු සමාගම්වලට එරෙහිව කරන හර්තාල් ව්‍යාපයක් බවද ජිවන් මහතා පවසයි.

එම තත්වයන් මත මේ මස 05වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සදහා පක්ෂ භේද, වෘත්තිය සමිති භේද නොතකා වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලුම දෙනාගේ සහාය පතන බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනිම සදහා මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දැමිමට පියවර ගන්නා ලෙස සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ජිවන් තොණ්ඩමන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts