මම ඉපදුනේ බණ්ඩාරගම. බණ්ඩාරගමට ගොඩක්ම සම්බන්ධ ටවුම පානදුරේ. අපි පොඩි කාලේ බණ්ඩාරගම පොඩි ටවුන් කෑල්ලක්. දැන් ඊට වඩා බොහොම වෙනස්. නැති දෙයක් නෑ.
ඒ කාලේ බණ්ඩාරගම පොඩි හරි හැකියාවක් ඇති දෙමව්පියන්ගෙ ලොකුම වැඩක් තමා පානදුරේ ස්කෝලෙකට තමන්ගෙ ළමයින්ව දාන එක.
අද ස්කූල් වෑන් බණ්ඩාරගම සෙන්ට්‍රල් එක වටා කැරකැවෙද්දි ඒ කාලේ බණ්ඩාරගමින් පානදුරේට ගියා සෑහෙන්න ස්කූල් වෑන්. අපිත් ගියා ලොකුම ලොකු බස් එකක. ඒකෙ තමා සෑහෙන්න ළමයි ගියෙ.
විවෘත ආර්ථිකයත් එක්ක, බණ්ඩාරගම පානදුර ආසන දෙකේ ඉතා සීග්‍රයෙන් වැඩිවෙච්ච ජනගහනයට නැගී ආපු අලුත් මැද පන්තියට අත්‍යවශ්‍යම දෙයක් වුනේ ඒ අයගෙ ළමයින්ට හොද ස්කෝල. ඒ කාලෙ දැන් වගේ ඉන්ටර්නැෂනල් ස්කූල් කලුතර දිස්ත්රික්කෙට ඇවිල්ල තිබ්බෙ නෑ.
ඒ කාලෙ ලගපාතක කියලා පෞද්ගලික ස්කෝලෙකට තිබ්බෙ මොරටුව සෙන්ට් සෙබස්ටියන් එකයි, ගල්කිස්සෙ සෙන්ට් තෝමස් එකයි. ඕවට දාන්න නැග එන අලුත් මැද පන්තියට හැකියාවක් කොහොමටවත් තිබ්බෙ නෑ.
මේ තත්වය මුලින්ම හදුනා ගත්තකෙනෙක් තමා නෙවිල් ප්‍රනාන්දු කියන පානදුර ආසනේ මන්ත්‍රීවරයා. ඒ කාලෙ පානදුරේ සුමංගලය විතරයි හරි හමන් ස්කෝලෙකට තිබ්බෙ. මේකට අර ආපු ඉල්ලුම දරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.
හැම මනුස්සයම ට්‍රයි කල්‍රෙ සුමංගලේට දා ගන්න. නමුත් හරියන්නෙ කලාතුරකිනි. අපේ අම්මලාත් ෆුල් ට්‍රයි එකක් දුන්න ඕකට දාගන්න. කොහොම හරි අපේ පවුල් පරම්පරාවෙන්ම සුමංගලේට දාගන්න පුලුවන් වුනේ අපේ බාප්පගෙ පුතා මලිත් ව විතරයි.
කොහොමෙන් හරි නෙවිල් ප්‍රනාන්දු ඉදිරිය දැක්ක නිසා සුමංගල ගර්ල්ස් එකටයි බෝයිස් එකටයි අතිරේකයක් විදියට පානදුර රාජකීයයි, අගමැති බාලිකාවයි හැදුව. මේ බණ්ඩාරගම දරුවන්ට ලෝකය දකින්න පුළුවන් වුනේ ඔය ස්කෝල දෙකෙන් කියන එකයි මම නම් හිතන්නෙ.
අපේ අක්ක Thimalka ව දැම්මා අගමැති බාලිකාවට, මාව දැම්මා රාජකීයට. අක්කා ගියා ශිෂ්‍යත්වෙන් සුමංගලේට මම ගියා වේල්ස් කුමාර එකට. ඒ විතරද, අපේ මාමගෙ දුවලා දෙන්නම ගියේ අගමැති බාලිකාවට. පුතා
Sandun ව දැම්මෙ රාජකීයට.
ඒ ඔක්කොම ශිෂ්‍යත්වෙන් දේවි බාලිකාවටයි, වේල්ස් කුමාරෙටයි ගියා. අපි ස්කූල් වෑන් එකට යන්න පාරෙ ඉන්න කොට ඒකෙ පානදුරේ රාජකීයට, අගමැති බාලිකාවට, සුමංගලේට යන්න පාර දිගට ළමයි.
මේ ළමයි ඔක්කොම පහු ගිය කාලෙ අවස්ථාවාදී වෘත්තීය සමිතියකට, අවස්ථාවාදී දේශපාලන කදවුරකට, අවස්ථාවාදී මීඩියා මුදලාලිලාට අහුවෙලා කෑ ගහද්දි දන්නෙ වත් නෑ නෙවිල් ප්‍රනාන්දු තමන්ගෙ ජීවිතේට කොච්චර බලපෑමක් කලාද කියලා.
මට මතකයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමේ මහත්තයෙක් සයිටම් නඩුව වෙලේ උසාවි ඇවිල්ලා නෙවිල් ප්‍රනාන්දුට කැත ටෝක් ටිකක් දෙනවා. මට ඕන තැනක කියන්න පුලුවන් GMOA ඔස්තාර්ලට වඩා මහජන සේවයක් කරපු මිනිහෙක් කියලා නෙවිල් ප්‍රනාන්දු.
මට මේක ලියන්න හිතුනෙ නෙවිල් ප්‍රනාන්දුව වට්ටලා මාරයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ගැන කණගාටුවටයි, විශේෂයෙන් පොහොට්ටුව ලෙන්ත් එකකින් දිනපු බණ්ඩාරගම ආසනේ පානදුරේ ස්කෝලෙ ගිය තරුණයන්ට තමන්ට ලෝකය පෙන්නපු මිනිහා කවුද කියලා හදුන්වලා දෙන්න.
ඡන්දෙට ලලිත් එල්ලාවලන් බෙදපු ලීෆ්ලට් වල සයිටම් ගැන නෙවිල් ප්‍රනාන්දු ගැන තිබ්බ ඒවා මොනාද කියලා ආයෙත් බලන්න කියලත් මන් ආරාධනා කරනවා.
ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු ජේ ආර් එක්කත් හැප්පිලා මන්ත්‍රී කමෙනුත් අස් වුනා. ඒ වගේ කොන්දක් තිබ්බ මිනිහෙක් වගේම අති දක්ෂ ව්‍යවසායකයෙක් ඔහු. ඔහු වගේ ව්‍යවසායකයො නැත්නම් නිදහස් අධ්‍යාපනය දෙන්නත් ලංකාවෙ සල්ලි ඉතුරු නොවන බව අපි දැන ගන්න ඕන…
දුලාන් දසනායක