රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා (8) සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ භාණ්ඩ සතොස, සමුපකාර අලෙවි ජාලය සහ කියු (Q) ෂොප් අලෙවි සල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල් මාසය අවසානය දක්වා නව මිල ගණන් ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා කීවේය.
නිදහසින් පසු ගත වූ වසර 73ක කාලසීමාව ඇතුළත මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක මිල එකවර අඩු වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවද පෙන්වා දුන්නේය.