covid infections today

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන්  1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති පවත් එයින්ද වැඩි පිරිසක් එහි වතු ආශ්‍රිතව වාර්ථාවි ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

පි. සි. ආර්. පරික්ෂන වාර්ථා ප්‍රමාදයි

කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා ප්‍රමාදවිමෙන් කොවිඩ් පැතිර යාම වැලැක්විම අසිරු තත්වයක පවතින බව මෙම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හමුවන කොවිඩ් ආසාදිතයනගේ ආශ්‍රිතයන් සොයා එම පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එහි සාම්පල් පරික්ෂන සදහා යැවිම් සිදු කලද එම පරික්ෂන වාර්ථා ලැබිම පමා වන බවත්ය.

මෙම තත්වයන් මත එම ආශ්‍රිතයන් යම් හෙයකින් ආසාදිතයන් බවට පත්ව සිටියහොත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සමාජ ගතව ඇතිහෙයින් එම ආශ්‍රිතයන් හරහා කොවිඩ් සමාජ ගතවිම වැලක්විම අපහසු තත්වයක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts