law

හදිසි කොවිඩ් අවදානමක් ඇති කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව කියන අනුරාධපුර නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකට හා රජයේ විදුහලක ගුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බව අනුරාධපුර මහ නගර සභාව පවසයි.

අනුරාධපුර මහවීදියේ පිහිටි මූල්‍ය සමාගමක ශාඛාවෙන් කොව්ඩ් 19 වෛරසය වැලදුණු සේවකයන් රැසක් පසුගියදා හමුවිමෙන් අනතුරුව එම ආයතනයේ පරිපාලනය හා සේවකයින් වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව අනුරාධපුර නාගරික සෞඛ්‍ය ඒකකය තහවුරු කරගෙන තිබුණි.

අනුරාධපුර නගරයේ හදිසියේ ඇතිවු කොවිඩ් රැල්ල නිසා ආසාධිතයින් 45 දෙනෙකු පමණ අළුතින් වාර්ථාවි තිබෙනා බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනා අතර අනුරාධපුර ප්‍රධාන පෙලේ පාසලක ගුරුවරයෙකු සිය බිරිද පී.සී.ආර් පරික්ෂන සිදුකර නිවසේ සිටියදි පාසල් සේවයට වාර්ථා කරමින් හා අමතර පන්ති පැවත්විමෙන් පාසල් පද්ධතිය තුලත් අවධානමක් ඇතිවි තිබෙනා බව නගර සභාව පවසයි.

ඔහු විසින් පාසල් පද්ධතියට දරුණු බලපෑමක් එල්ලකර තිබෙනා බව එම විද්‍යාලයේ විදුහල්පති ඩී.රණසිංහ මහතා තහවුරු කළ අතර අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියත් තහවුරු කළාය.

එම සිදුවිම සමග අදාල පාසලේ පන්ති කාමර අටක් තාවකාලිකව වසා දැමූ අතර ගුරුවර ගුරුවරියන් 12 ඇතුළු සිසු සිසුවියන් 67ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණි.

අනුරාධපුර නගර සීමාව තුළ කොවිඩ් අවධානමක් හිතාමතා ඇති කිරිම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට ඉදිරියේදි අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනා බව නගර සභාව පවසයි.

මේ පිළිබදව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජයම්පති බණ්ඩාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි කියා සිටියේ එම සිද්ධි පිළිබදව අධ්‍යනය කරමින් සිටිනා බවත් ඉදිරි ප්‍රගතිය අනුව කටයුතු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

Similar Posts