rt-pcr

හැටන් හයිලන්ඩ් විදුහලින් හමුවු කොවිඩ් ආසාදිත සිසුන් තිදෙනාගේ පවුල්වල සමාජිකයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි.

හැටන් හයිලන්ඩ් විදහලින් හමුවු කොවිඩ් ආසාදිත සිසුන් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවිමට පියවර ගෙන ඇති බවත් එසේ හමුවු ආසාදිත සිසුන්ගේ පවුල් තුනේ සමාජිකයන් 15 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවද ඔහු පවසන ලදි.

මෙසේ පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඇති අයලේ පරික්ෂන වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා අනුව ඉදිරි කටයුතු කරන බවත් නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත නගර සභා බල ප්‍රදේශයේ විදුහල් විටින් විට විෂබීජහරනයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

අඹගමුව කොවිඩ් ආසාදිතයන් 337 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මේ වන විට හමුව ඇති කොවිඩ් ආසාදිතයන් 337 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ මේ මස 09වන දින වන විට ලැබි ඇති පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 07 දෙනකු හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.

මෙසේ අලුතින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 20 දෙනකු මේ වන විට පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක්කර ඔවුන් ස්වයං නිරෝධානයට  කිරිමට පියවර ගෙන ඇති බවත් එහි වාර්ථා ලැබිමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts