coronavirus news

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.

එංගලන්තයෙන් ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව වාර්තා වේ.

B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

එසේ වන්නේ එම වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයිනි.

Similar Posts