පුවත්පත් මණ්ඩලය කියලා කියන්නේ ජනමාධ්යවේදීන් වගේම ජනමාධ්ය සංවිධාන හැමදාම විරුද්ධවුණ දෙයක්. පසුගිය යහපාලනයේත් ප්රධාන පොරොන්දුවක් තමයි මේ කැකිල්ලේ උසාවිය අහෝසි කරනවා කියන දේ.
එහෙත් ඒ ආණ්ඩුවත් අවසානයේ මේක නොසලකා හැරියා. ඇත්තටම රනිල් වික්රමසිංහ හොරගල් ඇහිද ඇහිද ඉදලා වැඩේ අතඇරලා දැම්මා.! 1973 ගෙනාපු මේ ජනමාධ්ය මර්ධන යාන්ත්රනය නැවත ශක්තිමත් කරන්න වර්තමාන ආණ්ඩුව අදහස් සහ යෝජනා ඉල්ලන්නේ මෙන්න මේ පසුබිම අස්සේ.
ඇයි හිටිහැටියේ මෙහෙම අදහසක් ආණ්ඩුවට එන්නේ, රට හැම අතින්ම අගාධයට ගිය මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්යයි සමාජ මාධ්යට යම් සීමා පනවන්න. ඒ සඳහා ලොකුම අවකාශය තියෙන්නේ මේ පනත් රාමුව අස්සේ.
මේ රාමුව අස්සට සමාජ මාධ්ය සහ ඉලෙක්ට්රොනික මාධ්ය ගෙන ඒමේ වැඩක් තමයි දැන් මේ සංවිධානය වෙන්නේ. එනිසා අපි මාධ්යවේදීන් විදිහට වගේම සංවිධාන විදිහටත් මේක විරුද්ධ වියයුතුයි. ඒ විරුද්ධත්වය එළිපිට ප්රකාශ කළ යුතුයි.
පවතින මාධ්යකරණය අස්සේ මාධ්යට යම් නියාමනයක් අවශ්යයි. හැබැයි ඒක ජනාධිපතිගේ කොමිසමක් මගින් හෝ ජනාධිපතිගේ පුවත්පත් මණ්ඩලයක් මතින් හෝ සිද්ධ වියයුතු නැහැ. ඒ නියාමනය විරුද්ධ මත නොඉවසන ඒවා තලාදමන යාන්ත්රනයක් නොවිය යුතුයි. එය මාධ්ය සමාජය විසින්ම පනවාගන්නා ඔවුන් විසින්ම පවත්වාගෙන යන ශක්තිමත් යාන්ත්රනයක් විය යුතුයි.