කාටුන් බැලීමට කියා සිය නිවසට ගෙන්වා ගෙන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර බව කියන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් 19 දින අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි.
අදාල පුද්ගලයා අපයෝජනයට ලක් වු දරුවන්ගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය දරුවන් දෙදෙනා සමඟ තනිව ජීවත් වී ඇත. ස්ථිර ආදායම් මාර්ගයක් ඇයට නොමැති අතර අදාල දරුවන් දෙදෙනා ද වසර දෙකකින් පමණ පාසල් ගොස් නැති බව ද සිදුකරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් පවුලේ දිගින් දිගටම ඇතිවන කරදර නිසා ශාන්ති කර්මයක් කර ගැනීම සදහා අදාල චුදිත පුද්ගලයා සහ වින්දිත පවුලේ පිරිස ( මව සහ දරුවන් දෙදෙනා) වැලිගම ප්‍ර දේශයේ ස්ථානයතට ගොස් ඇත.
එහි දී එම දේවාලයේ මෑණියන් මෙම දරුවන් දෙදෙනාට අදාල පුද්ගලයාගෙන් හිරිහැරවනවාදැයි අදාල මවගෙන් විමසා තිබේ. පසුව දරුවන්ගේ මව පවසා ඇත්තේ එසේ සිදුවන බවයි. අදාල දරුවන්ගෙන් ද එම දේවාලයේ මෑණියන් එසේ විමසා ඇති අතර දරුවන් ගේ මව පවසා ඇත්තේ දරුවන් දෙදෙනාගෙන් තමන්ව වෙන් නොකරන ලෙසත් තමන්ට දරුවන් දෙදෙනා අවශ්‍ය බවත්ය.
කෙසේ නමුත් අදාල දේවාලයේ මෑණියන් මේ සදම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ මෙහෙය වු පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධ වැඩි දුර තොරතුරු අනාවරණය කරගෙන අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමදුව කෝදාගොඩ පදිංචි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු මෙයට මාස කිහිපයකට පෙර සිටම මෙසේ මෙම දරුවන් අපයෝජනයකට ලක් කර ඇති බව අදාල දරුවන් පොලිසියට ලබා දුන් කට උත්තරයේ සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අදාල දරුවන් පදිංචි නිවස ආසන්නයේ ම පදිංචි මෙම සැකකරු මෙම දරුවන් ට කාටුන් බැලීමට කියා තම නිවසට කැදවා ගෙන මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි.
මෙසේ අපයෝජනයට ලක් වී ඇත්තේ ඉමදුව කෝදාගොඩ ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 13 ක හා 14 ක වයසක පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
ඉමදුව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර මහතාගේ උපදෙස් මත කා. පො.ප 5326 මල්කාන්ති, පො.කො. 54502 ධනවංශ යන නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වින්දිත මව හා දරුවන් දෙදෙනා මාතර රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, ඉමදුව කුමාරකොඩිතුවක්කු, හබරාදුව ඒ.ඇල්.ඒ ආරියරත්න