corona

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගනන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි.

මෙම ආසාදිත සිසුවා හා සිසුවිය ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් මෙම සිසුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස එම පංති දෙකේ සිසු සිසුවියන් 63 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම තත්වයන් මත එම සිසු සිසුවියන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පවුල් 63 ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

මෙම ආසාදිත සිසුන් දෙදෙනා තලවාකැලේ ඩෙවන් වතුයායේ එකම පවුලේ සහෝදර සහෝදරියන් බවත් මෙම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරිමට පියවර ගෙන ඇති බවත් මොවුන්ගේ ආශ්‍රිතයන් වන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කරන ලද සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල  පි. සි. ආර්. වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි කටයුතු සිදු කරන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts