Similar Posts
‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්
හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියන 8කට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවටයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක්…
ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා . සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති විම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට ලක්ව ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සඳහන් කළා .
හෝලි ඇරඹෙයි
ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.
බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී
සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.
B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.