සමාජ මාධ්‍ය ආචාරධර්ම හා භාවිතාව පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවා හා පුරවැසියා අතර පරතරය අවම වී තිබෙනවා. අද වන විට, සමාජ මාධ්‍යවල තිබෙන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවකු බවට පත්වෙලා මාධ්‍යවේදියකුගේ මට්ටමෙන්ම හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් වෙත සන්නිවේදනය වන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නට පුළුවන්කම තිබෙනවා.

බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය/ පුරවැසි මාධ්‍ය හසුරුවන්නේ මාධ්‍ය පිළිබඳ පුහුණුවක් තිබෙන අය නෙමෙයි. ඔවුන් ඇතැම් විට මාධ්‍ය සම්බන්ධ අවම මූලික පුහුණුව හෝ ලබා නැහැ. මාධ්‍ය සම්බන්ධ ඉවකින් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන් සතුව තාක්ෂණික දැනුම හා මාධ්‍ය ඇසුරු කිරීමෙන් ලබාගත් අත්දැකීම් තිබෙනවා.

මේක අලුත්ම තත්වයක් නෙමෙයි. ලංකාවේ අතීතයේ පටන්ම විධිමත් මාධ්‍ය අධ්‍යාපනයක් තිබුණෙ නැහැ.

එහෙත්, සංස්කාරක භූමිකාවෙ අඩුව නිසා, එහෙම නැතිනම්, මාධ්‍යකරුවා විසින්ම සංස්කාරක භූමිකාව ද ඉටුකිරීම නිසා ගැටලු ඇතිවෙනවා.

එය විසඳිය නොහැකි ප්‍රශ්නයක් නෙමෙයි. පොදුවේ සමාජයට මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදිය හැකියි. එසේම, හඳුනාගත්, කැපීපෙනෙන සමාජ මාධ්‍යකරුවන්ට අවශ්‍ය පුහුණුව සැපයිය හැකියි. එසේම, වැරදිවලදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නටත් පුළුවන්.

සමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.

තවත් කරුණු කීපයක් මෙහි සාකච්ඡා කරනවා. බලන්න.

Similar Posts