රාජ්‍යයන්ට මැදිහත්වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළකරන බව චීනය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැපවී සිටින බව චීනය කියා සිටී. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරිණ.
ඊට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බිං කියා සිටියේ රටේ මානව හිමිකම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනය, ජාතික සංහිදියාව, ත්‍රස්තවාදය පිටුදැකීම හා බලපෑමට ලක්වූ කණ්ඩායම් ආරක්‍ෂා කිරීම අතින් ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරන බවයි.
ජිනිවාහි දැනට ක්‍රියාත්මක මානව හිමිකම් වැඩපිළිවෙළ ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.