අපරික්ෂාකාරි ලෙස කිතුල් ගසක් කපා යාබද ඉඩමේ නිවැසි කාන්තාවක් ගසට යටව මිය යාම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
වැලිපැන්න, ගබඩා හන්දිය, කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි රමණි වසන්තා ගුණතිලක නැමති 52 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.පුද්ගලයින් තිදෙනෙකු අඩක් කපන ලද කිතුල් ගසක් කඔයක් දමා අදිමින් සිටියදි යාබද ඉඩමේ ළිදක් අසල දිය නාමින් සිටි කාන්තාවකගේ ශරීරය මතට කිතුල් ගස වැටිමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
ගසට යටවු කාන්තාව ඉන් මුදාගෙන රෝහල් ගතකිරිම ප්‍රමාදවිම නිසා කාන්තව මරණයට පත්ව ඇතැයි සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වන පොලිසිය කියයි. අපරික්ෂාකාරිලෙස කටයුතුකිරිමෙන් මනුෂ්‍ය ඝාතනයක් කිරිමේ චෝදනා යටතේ කිතුල් ගස අයිති ඉඩම්හිමියා සහ ගස කැපිමට සම්බන්ධවු පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවටගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරිමට කටයුතු කර ඇත. සිද්ධිය පිළිබද වැලිපැන්න පොලිසිය පරික්ෂණ සිදුකරයි.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න