school1

මෙම දිනවල පැවැත්වෙන සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්‍ය පෙළ විභාග කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිසුන් කටයුතු කිරිම හේතුවෙන් කොවිඩ් වසංගත තත්වයන් වර්ධනය විමේ අවදානමක් පවතින බවත්ය.

මේ වන විටද අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල සමන්‍ය පෙළ විභාගය සදහා ඉදිරිපත් විමට නියමිත සිසුන් 10 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් එම සිසුන් සදහා අදාල විභාග මධ්‍යස්ථානවල වෙනම විභාගය ලිවිම සදහා පහසුකම් සලසා ඇති බවත්ය.

එම තත්වයන් මත සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පැදිමකින් තොරව මෙම විභාගය සදහා පැමිනෙන සිසුන් සමාජ දුරස්ථබාවයෙන් තොරව එකට රෝක්විමෙන් කොවිඩ් වසංගත මෙම ප්‍රදේශය තුල ව්‍යාප්තවිමේ අවදානමක් පැවතිය හැකි බැවින් සියලුම සිසුන් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් කටයුතු කල යුතු බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts