(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා )
බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා)
ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද?
එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ!
ආත්මාර්ථකාමී හා අසම්මත ප්රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා අර පොලිස් නිලධාරීයාගේ ආකාර්ශණීය චාටු බස් හා නිල ඇදුමේ හා නිලයෙන් ඔබව බයකර බලහත්කාරයෙන් ඔබව ග්රහණයට ලක්කොට සිටීම නිසාත් විය හැකිය ,
සමහර යෞවන යෞවනියන් හිතනවා ..ඔවුන් සමාජයත් එක්ක ගැටෙන කොට ,අපි දැන් මාරම අද්දැකීම් බහුල අය අපිට ආයේ කාගේවත් උපදෙස් මග කියා දීම් අනවශ්ය බව, අපි යොබ්බන මදයත් එක්ක එහෙම හිතුවාට, අපි වරද්ද ගන්නේ අන්න ඒ අතිපණ්ඩිත ලොකුකම් නිසාමය,
මේ වගේ සමාජයත් එක්ක යම් අවබෝධයකින් ගැටෙන අයටත් මේ වන් ඉරණම් සිදුවන්නේනම්..සියලු යෞවන යෞවනින් මීට වඩා තමන්ගේ ජිවිත පිලිබදව හිතන්නටම අවශ්යමයි ,
මං දුටුවා මේ “Dilini Yehansa යෞවනියත් facebook එකෙ දාලා තියෙනවා මං ජීවත් වෙන්නේ මට ඕනෑ විදියට “
ඒක වෙනස් කරන්න කාටවත් නොහැකියි කියලා ..
කොහේවත් නැති අසම්මත ප්රේමයක් තුලින්
ඒ පොලිස් නිලධාරීයා (තමාට වඩා අවුරුදු 20 ක් වැඩිමහල් පුද්ගලයා)
ඇගේ සියලුම අපෙක්ශා නිමාවට පත්කොට ඇත,
“ඒ විතරක්ද ඔහුත් විවහාක පුද්ගලයෙකු හේතුවෙන් ,බිරිඳකට හා දූදරුවන්ට පියෙක් අහිමි කර තිබේ” ,
ඔහූ ඔහු කල සේවා දෙපාර්තමේන්තුවේ ගෞරවනීය බවටද දැඩි අවමානයක් ද සිද්ද කර තිබේ..
මේ සියලු කරනා තරයේ හිතටගෙන වත්මන් යෞවන ,යෞවනියන්,දෙමාපියන් ,ගුරුවරුන් ,රටේ වගකිව යුත්තන්, ආගමික නායකත්වය ,විශේෂයෙන් රටේ පාලනතන්ත්රයන්, මීට වඩා බොහෝම වගකීමකින් කටයුතු කල යුතු වකවානුවක අපි සියලු දෙනා සිටිනා බව තරයේ හිතට ගෙන කටයුතු කල යුතුව ඇත,
මනුෂ්යත්වය හා ආධ්යාත්මික බව සියලු මිනිසුන් හට කාවන්දන්නටම පෙරමුණ ගතයුතුව ඇත,
ජාතික තරුණ සේවා සභාව හරහා රටට යමක් කරන්නට සිටි නිර්මාණසීලී
“දිලානී යෙහන්සා “
කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා,
නුඹට අමාමහ නිවන්සුව “
යූ ඒ එස් මංජුල ලසන්ත උක්වත්ත
(ජාතික තරුණ සේවා සභාවේ මාතලේ හිටපු දිස්ත්රික් යෞවන සමාජ සම්මේලන බලමණ්ඩලයේ සභාපති )

සබැදි පුවත්

Similar Posts