දින තුනකදි අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් සිවුදෙනෙකුගේ දිවි අහිමිවි තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ පැවති පරික්ෂණ වලින් අනාවරණය විය.

ඉකුත් (28දා) සිට පසුගිය (2දා) දක්වා සිදුවු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන්ගේ දිවි අහිමිවි ඇති අතර කැබිතිගොල්ලෑව ගලනේබිදුණුවැව හා නොච්චියාගම පොලිස් වසම් වලදි සිදුවු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් සිවුදෙනා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි තිබේ.

කුඩා දරුවා සමග යතුරු පැදියකින් ගමන් කළ 35 හැවරදි තරුණ තිදරු පියෙකු ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි තිබේ.මරණකරු සමග යතුරු පැදියේ ගමන් කළ කුඩා දරුවා යතුරු පැදියෙන් වීසිවි ගොස් ඇතත් දරුවාට කිසිදු අනතුරක් සිදුව නැති බව අනාවරණය විය.පළුගොල්ලාගම සිදුවු අනතුරෙන් බරපතල තුවාල ලැබු අනෙක් පැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

ගලෙන්බිදුණුවැව පොලිස් වසමේදී අත් ට්‍රැක්ටර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් අත්ට්‍රැක්ටරය පැදවු 52 හැවරදි රියදුරා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි තිබේ.ට්‍රැක්ටරයේ රියදුරා අපරික්ෂාකාරි අන්දමින් ට්‍රැක්ටරය හැරවීමට යාමේදි අනතුර සිදුව තිබේ.

නොච්චියාගම පොලිස්වසමේ බී-රනෝරාව ප්‍රදේශයේදි පයින් ගමන් කළ 73හැවරදි පුද්ගලයෙකු යතුරු පැදියක ගැටි සිදුවූ අනතුරකින් පයින් ගමන් කළ අය එම ස්ථානයේදිම මියගොස් ඇති අතර යතුරු පැදියේ පැමිණි තරුණයාත් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ඩී දෙක වාහල් කඩ ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයක් පෙරලියාමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් රථය පැදවු 49 හැවරදි රියදුරා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වි තිබේ.

අනතුරු සම්බන්ධයෙන් අදාල පොලිස්ථාන පරික්ෂණ සිදුකරනා අතර නොච්චියාගම අනතුර හැර සෙසු අනතුරු වල හදිසි මරණ පරික්ෂණයන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම්.ජයතිලක මහතා පැවත්වීය.අනතුරු නිසා හිසට හා මොළයට සිදුවූ බරපතල තුවාල නිසා මරණයන් සිදුවි ඇති බව පරික්ෂණ වලදි නිගමනය කෙරුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts