ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග එම ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කිරිමට අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු වෙනත් රෝගි තත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එම දෙදෙනා කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය.
එම කොවිඩ් ආසාදිතයන් දෙදෙනා මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කර යැවිමට නාවලපිටිය මුලීක රෝහල මගින් පියවර ගෙන ඇති බවත් එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානය ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්