මිහින්තලය පූජා භූමියේ කටුසෑය ආසන්නයේ වැටි තිබූ මුදල් පසුම්බියක් අහුලාගෙන එය හිමිකරු අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ආබාධිත තත්වයෙන් පසුවන යාචකයෙකු ඊයේ (8දා) කටයුතු කළේය.
මිහින්තලය කටුසෑය ආසන්නයේ රෝද පුටුවක සිට එදිනෙදා අවශ්‍යතා සදහා බැතිමතුන්ගෙන් කීයක් හෝ මුදලක් ඉල්ලා ගන්නා මෙම පුද්ගලයාට සෑය ආසන්නයේ වැටී තිබුණි කාන්තා මුදල් පසුම්බියක් හමුවි තිබේ.
කොතරම් අගහිගකම් පැවතියන් අනුන්සතු දෙයක් තමන්ට අවශ්‍ය නැතැයි යන මතයේ සිටි ආබාධිතයා වහාම එම මුදල් පසුම්බිය එහි හිමිකරු සොයා ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාට පසුම්බිය ලබාදීමට කටයුතු කර තිබුණි.
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කෑදැනේ කුටුනුවැව පදිංචි 47 හැවරදි කාන්තාවකට එම පසුම්බිය අයිති බව ප්‍රාදේශිය ලේකම්වරයා තහවුරු කරගෙන තිබුණි.මුදල් හැදුණුම්පත තවත් අත්‍යාවශ්‍ය ලේඛණ රැසක් එම මුදල් පසුම්බියේ තිබි ඇත.
අන්සතු දේ සොරකම් කිරීමට පවා පෙළඹෙන යුගයක කාගෙන් හෝ මුදලක් ඉල්ලාගෙන යැපෙන ආබාධිතයා විසින් මහමග වැටී තිබියදි අහුලාගත් මුදල් පසුම්බිය හිමිකරු සොයා ලබාදීමට තරම් නිහතමානීවිම පිළිබදව ප්‍රාදේශිය ලේකම්වරයා ඔහුට සිය ප්‍රසංශාව පලකළේය.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය