පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි.

ලෝකෙන් උතුම් රට ලංකාවයි… යන්න හුදු කියමනකට පමණක් සීමා නොවන බවත්, ස්වභාවධර්මයෙන් ලැබුණු ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ දායාදයක් හේතුවෙන් පැතිකඩ ගණනාවකින් ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රට වන බවත්, එම වටිනා දායාදය ලොවට ඉස්මතු කර ලංකාවේ ආර්ථිකය නඟා සිටුවන ආකාරයත් ගුවන් නියමු උපදේශක කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරලේආරච්චි පැහැදිළි කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි ආරක්ෂක විද්‍යා උපාධිධරයෙකි.

රාවණ ගුවන් නියමු පාසැලෙහි ( ravana aviation academy) නිර්මාතෘ වන ඔහු යුරෝපා ගුවන් ආරක්ෂක සංගමය හි ද ( EASA) අනුමත ගුවන් නියමු උපදේශකවරයකු වන අතර ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය සිසුන් හට ද ගුවන් යානා සහ හෙලිකොප්ටර සම්බන්ධ වෘත්තීය න්‍යායාත්මක දැනුම ලබා දෙන පුද්ගලයෙකුය.

ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වන ශ්‍රී ලංකාවේ වැවෙන කෘෂි නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් අසමසම බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙම මහා ධන නිධානය භාවිතා කිරීම පිළිබඳව රටක් ලෙස අපි අවධානය යොමුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

“අඩු ගුරුත්වාකර්ෂණ ප්‍රදේශයක වැවුණු ඵලදාව ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි. ඔබ අහලා තියනවා රේඩාර් සිස්ටම් එකට අහුවෙන්නෙ නැති ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදා ගන්නා තීන්ත නිෂ්පාදනය කරන්නේ හලාවත ප්‍රදේශයේ වැවෙණ කජුවල ලෙල්ලෙන් ගන්න තෙල් වලින්.

ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවන ප්‍රමාණය වැඩියි. ලෝකයේ හොඳම වතුර ලංකාවේ තිබෙනවා. ලෝකයේ හොඳම තැඹිලි වැවෙන්නේ ලංකාවේ. හේතුව අඩු ගුරුත්වාකර්ෂණ බලය.

එසේ නම්, ලංකාවේ, මේ ධරණිතලයේ තිබිය යුතුයි ගුරුත්වාකර්ශන බලය සම්බන්ධ කරගෙන ලෝකයේ හොඳම ගුවන්තොටුපොළවල්. ඒවා මං හොයාගෙන දැනට ඉවරයි. ඒව තියනවා ලංකාවේ. මේක යුධමය වශයෙන් විශේෂ දෙයක්.“

 


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk

Similar Posts