බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක් බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල් 39000/= ක මුදල වේරහැර බෝධිරාජපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදී මත්කුඩු මිලට ගැනීමට සැරිසරමින් සිටියදී යතුරුපැදිය සොරකම් කර පැයක් ගත වන්නට මත්තෙන් බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු හා සොරකම් කරන ලද බයිසිකලය අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
පුද්ගලයකු හදිසියේම බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත පැමිණ තමන්ගේ යතුරුපැදිය පැපිලියාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසල නවතා තිබියදී කවුරුන් හෝ පුද්ගලයෙකු විසින් එය සොරකම් කර ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පැයක කාලයක් ගත වීමටත් පෙර යතුරුපැදිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පැවසීය.
යතුරු පැදිය සොයා පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටියදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි හෙල්මටයක් පැලඳි සැකකටයුතු පුද්ගලයෙකු වේරහැර බෝධිරාජපුර ප්‍රදේශයේදි පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2700ක ප්‍රමාණයක් තිබී හසු වූ බවත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැපිලියාන ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරුපැදිය ඔහු සන්තකයේ තිබී සොයා ගත් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ උපකරන බලකායේ සාමාන්‍ය සෙබලෙකු වශයෙන් දොඹගොඩ යුද හමුදා කඳවුරේ සේවය කර ඇති පුද්ගලයෙක් බවත් 2018 වර්ෂයේ දී මෙවැනිම ආකාරයෙන්ම යතුරුපැදියක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයේ දී වැරදිකරු වූ බැවින් හමුදා සේවයෙන් ඉවත්කර ඇති අයෙක් බවත් මෙම පුද්ගලයා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවත් පොලීසිය පැවසීය.
සැකකරු (29) වන වියේ පසුවන කෝරලඉම, ගෝනපොල, මොරගහහේන ලිපිනයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පැවසීය.
මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොරකම් කරන ලද තවත් CT100 වර්ගයේ යතුරු පැදියක් සොයාගැනීමට හැකිවූ බවත් මෙම යතුරු යතුරුපැදි දෙක උපයෝගී කරගනිමින් ගල්කිස්ස, පිලියන්දල , තලංගම වැනි ප්‍රදේශයන්හි මහමග ගමන් ගන්නා කාන්තාවන්ගෙන් කොල්ලකා තිබූ ගෙල බැඳි රන් මාල තුනක් සොයා ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.
පැපිලියාන ප්‍රදේශයේ යතුරුපැදිය සොරකම් කිරීම සඳහා තවත් පුද්ගලයෙකු සමග මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සිට පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මහමග අතහැර දමා පැමිණ ඇති බවත් එම යතුරු පැදියද කටුබැද්ද ප්‍රදේශයේ දී සොරකම් කළ එකක් බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරා ගත් යතුරු පැදි කොටස්වලට ගලවා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ට ඉතාම අඩු මිල ගණන් යටතේ විකුණා ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් එම යතුරු පැදි කොටස් මිලට ගත් පුද්ගලයන් මෙන්ම යතුරු පැදි අමතර කොටස් සොයා විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද පොලීසිය පැවසීය.
සැකකරුට අනුබල හා ආධාර උපකාර ලබාදුන් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට ඇති බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර පොලිස් අධිකාරි කේ.එස්. රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානය ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුශංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 36763 සමන්, 40010 වනසිංහ, පොලිස් කොස්තාපල් 51857 විපුල, 68832 අමරසිංහ, 72795 ලක්මාල්, 92527 ප්‍රසාද්, 93482 දිල්රුවන්, යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.