දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පසුගියදා රජයේ ඉඩම් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කරගෙන ඒවා පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බවට ජනමාධ්‍ය මගින් දිගින් දිගටම හෙළිදරව් කළ අතර, එම අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට වන සංරක්ෂණ නිලධාරින්ට, පොලීසියට, වනජීවී නිලධාරින්ට තොරතුරු ලබාදීම සිදුකළ බවට චෝදනා කරමින් තමන්ට ප්‍රදේශයේ රජයේ ඉඩම් අල්ලාගෙන සිටින පුද්ගලයෙකු පහරදී තියුණු අවියකින් පහර දීමට ගිය බව පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන දඹුල්ල, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.