corona-Vaccination

ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග තම එන්නත්කරණ ආයතනයේ නිර්දේශය මත එම තීරණයට පැමිණි බව ජර්මනිය පැවසීය.

Similar Posts